FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාව ලංකාවට පණවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ ආරක්ෂක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ සංචාරක උපදේශන මට්ටමේ අංක 03 සිට අංක 02 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක අවධානම් පහත හෙළා තිබේ.

කෙසේ වෙතත් සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, රාජ්‍ය පහසුකම්, හෝටල, සමාජශාලා, ලැගුම්හල්, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, ආගමික ආයතන, ගුවන්තොටුපොළ, රෝහල්  වලට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් ඇමෙරිකාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී තවදුරටත් විමසිලිමත් වන ලෙසටද අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම් දෙයි.