(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව පුත්තලම සින්නවිල්ලුව වැවේ තිබී සැක කටයුතු අන්දමින් මියගිය ආධුනික යුධ හමුදා සෙබලෙකුගේ මල සිරුරක් හමුවූ බව පොලිසිය පවසයි.
ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම මල සිරුර සොයාගෙන ඇති අතර , මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ගලහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආධුනික යුධ හමුදා සෙබලෙක්.
ඔහු පුත්තලම යුධ හමුදා පුහුණු කදවුරේ පුහුණුව ලබමින් සිට ඇත.
මියගිය සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පුත්තලම රෝහලේදී සිදු කිරීමට නියමිතය.








