(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අම්පාර – සයින්දමරුදුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 15 දෙනාගේ ඩී.එන්.ඒ වාර්තා ලබන සිකුරාදා (28) අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මේ වනවිට එම ඩී.එන්.ඒ වාර්තා සකස් කිරීම අවසන් අදියරේ පවතින බවද පැවසේ.
පසුගිය අප්‍රේල් 26 වනදා අම්පාර – සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවකින් පසු බෝම්බ පුපුරුවාගෙන මෙම පිරිස මියගියහ.
එලෙස මියගිය පිරිස ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පියා, ඔහුගේ සහෝදරයින් දෙදෙනා සහ එක් සහෝදරයෙකුගේ බිරිඳ වෙයි.
ඊට අමතරව ළමයින් 06 දෙනෙකුගේ සිරුරද එම ස්ථානයේ තිබී හමුවී තිබේ.
ඩී.එන්.ඒ පරීක්ෂණ සදහා ඔවුන්ගේ සාම්පල ලබා ගත්ත ද එය නරක් වීම හේතුවෙන් පසුගිය 07 වනදා අධිකරණ නියෝගයක් මත යළි එම සිරුරු ගොඩ ගැනීමෙන් අනතුරුව ඩී.එන්.ඒ වාර්තා සදහා සාම්පල් ලබා ගැනීම සිදු කෙරුණි.








