(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2160 දෙනෙකු වාර්තාවි ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කියයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් හාරසිය හතරක් වාර්තාවි තිබේ.
ගොවිපළ සතුන්, සුනඛයන් , බලලුන් සහ මීයන්ගේ මුත්‍රා මිශ්‍ර ජලය සහ පස් මගින් මෙම බැක්ටීරියාව ශරීර ගතවන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙනවා දෙයි.
ශරීර ගතවූ බැක්ටීරියාව රුධිර සංසරණයට ඇතුළු වී සිරුරේ සියලු අවයව සහ පටල ආක්‍රමණය කරන බවත් පසුව සාමාන්‍ය උණ තත්වයක් ලෙස හටගන්නා මෙය ක්‍රමයෙන් තද උණ තත්වයක් දක්වා වර්ධනය වන බවත් ,උණ , සීතල , ඇස් රතු වීම , හිස රඳය සහ කොන්ද ආශ්‍රිතව මස් පිඩු වේදනාව මී උණ රෝගයේ ලක්ෂණ බව වෛද්‍යවරුන් පවසයි.
රෝගය වැළඳීම වැළැක්වීම සදහා කුඹුරට බැසීමට පෙර ගොවීන් වෛද්‍යවරුන් නිර්දේශ කරන ප්‍රතිජීවක ඖෂධ සතියකට වරක් භාවිතා කර යුතුබව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.








