(ෆාස්ට් නිව්ස් – කොළඹ) – භික්ෂුන් වහන්සේ වෙනුවෙන් රජය හඳුන්වාදුන් රක්ෂණ ක‍්‍රමය හෙට (26) සිට ආරම්භ කිරිමට නියමීතය.
ඒ අනුව පළමු අදියර යටතේ භික්ෂුන් වහන්සේ දෙදහසකට රක්ෂණාවරණය හිමි වන බව අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
මීට අදාළ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
මෙම රක්ෂණාවරණයට අනුව බටහිර වෛද්‍ය විද්‍යාව යටතේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අවස්ථාවකදී රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් ලබාගැනීමේ හැකියාව පවතින බව හෙතෙම පැවසීය.
ආයුර්වේද රොහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන විට ලබාගත හැකි මුදල රුපියල් ලක්ෂ දෙකක් හා රජයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනිමේදී දිනකට රුපයල් තුන් දහසක මුදලක් ලබාගැනීමට රක්ෂණාවරණයෙන් පහසුකම් සැළසෙන බවද අමාත්‍යවරයා පැවසීය.
හදවත් සැත්කම් සඳහා ඉන් හිමිවන මුදල රුපියල් ලක්ෂ 10 ක් බවත් හෙතෙම කීය.








