(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව ලබන මස 08 වන දින රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවිමට, ඊයේ (24) දිනයේ සිතාසි නිකුත් කර තිබේ.
ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග කියයි.
මෙම පැමිණිල්ල විභාග කිරිමට අදාළව ඊයේ (25) දිනයේදී ජනාධිපති කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා කැඳවා සාක්ෂි සටහන් කරගෙන තිබේ.
පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාට පෞද්ගලිකවම කතා කර ඔහුගේ ජායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සියලුම පෙළපොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම්දුන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව කියැවේ.
තමාට දිගු දේශපාලන ගමනක් යාම සදහා අවශ්‍ය ජනප්‍රියත්වය ලබාගැනීමේ අරමුණින් එවන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ ඡායාරූපය සහ ඔහුගේ අත්සනින් යුත් ලිපිය පෙළපොත්වල පලකරන ලෙස ඉල්ලා සිටි බවද හෙතෙම කියා තිබේ.
ඒ අනුව අදාළ ඡායාරූපය සහිත පිටුවක් පෙළපොතක් සදහා ඇතුළත් කිරීමට රුපියල් 04 ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ කෝටි 04ක පමණ පෙළපොත් මුද්‍රණය කර ඇති බවත් එහිදි අනාවරණය වී ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.








