(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 08 දෙනෙකු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂාණි හමුවට අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.
අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ලෙස කටයුතු කරන ආනන්ද වේරගොඩගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
1999 වසරේ වූ මෙම සිද්ධියේ සැකකරුවන් පොලීසියට භාරවී ඇත්තේ වසර 19 කට පසුවයි.








