(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ,මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.
එම වාර්තාවේ පිටපතක් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බව හෙතෙම කීය.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කිසිඳු බාධාවක් නොමැති බව එ මහතා පැවසීය.








