FAST NEWS

24×7 Around the Globe

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ කරුපයියා නැවතත් රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 10 වැනි සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නැමැත්තාව තවදුරටත් ජුලි 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු ඉන්සාක් අහමඩ් නැමැත්තා මෙම සැකකරුට චෙක්පත් තුනක් ඔහුගේ නමට ලියා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (24) අධිකරණයට දැනුම් දුන් බව අප අධිකරණ වාර්තාකරු පවසයි.