FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව අනාවරණය කර ඇති බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරනවා – යුද හමුදාපති

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ , අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබද ඉන්දියාව අනාවරණ කර ඇති තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මාදුරුඔය විශේෂ කාර්යය බළකා පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සදහන් කර සිටියේය.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සදහා විදෙස් රාජ්‍යයන් සහ හමුදාවන් අතර සමීප සබදතාව අත්‍යාවශ්‍ය බවත් යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.