(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට අද (21) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන්ට ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපතිධුරය අවභාවිත කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බවටත් , ඇමතිවරයාට මේ වනවිට බරපතල දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු මතුව ඇතැයිද ඒ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සියලු කරුණු හෙළිදරව්වෙමින් තිබෙන බවද පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.
මීට අමතරව , ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බාල ඖෂධ රෝගීන්ට ලබාදීම, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් බිලියන 50 කට ආසන්න මුදලක් යොමුකිරීම ආදී චෝදනා ඒ අතර වන බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.








