FAST NEWS

24×7 Around the Globe

කාන්තාවක් ඝාතනය කළ තිදෙනෙක් පෝරකයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවකට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේකෝන් මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

1991 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා බම්බලපිටිය ප්‍රදේශයේදී අදාළ කාන්තව ඝාතනය කිරීමේ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

තියුණු ආයුධවලින් පහරදී සිදුකර තිබූ මෙම ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවයි අධිකරණයේදී අනාවරණ වුණේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විත්තිකරුවන්ට කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.