FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ සිද්ධිය විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විශේෂ මහාධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලිඛිතව එම ඉල්ලීම සිදුකරමින් නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ අදාළ සිද්ධිය ත්‍රිපුද්ගල විශේෂ අධිකරණ මඩුල්ලක් හමුවේ විභාග කළ යුතු වැරදි සහිත සිදුවීමක් බවයි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව,  හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ නිලධාරියෙකු වන හිමදුවගේ සුජීව සම්පත් යන අයට එරෙහිව චෝදනා 33 ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරයි.