FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුධ හමුදාව

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසිය සහ යුධ හමුදාව යෙදවීමට පියවර ගෙන ඇත.

අද දිනයේ කොළඹ බලා ධාවනය වූයේ කාර්යාල දුම්රිය 09 ක් පමණයි.

අදාළ දුම්රියන් පස්වරුවේ නැවත කොළඹින් පිටත්වීමට නියමිත බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.