(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවේ සාක්ෂි විමසීම් කටයුතු ලබන මාසය අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කරන බව තේරිම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
ලබන 26 වනදා තේරීම් කාරක සභාව යලි රැස්වන බවත් නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේය.
එදිනට සාක්ෂි ලබාදීම සදහා කැඳවන්නේ කවුරුන්ද යන්න පිළිබද මෙතෙක් දැනුම් දී නැහැ.








