FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල ප්‍රදේශයේ නිවාස කීපයක හදිසි ගින්නක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  – අද (21) අළුයම 2.30 ට පමණ බොරැල්ල පොලිස් වසමේ කාදර්නානා වත්ත, ප්‍රදේශයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

මෙම ගින්න හට ගෙන ඇත්තේ 141 කො‍ටසේ තාවකාලික නිවාස 04 කයි.

මෙමගින් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ගින්න හට‍ ගෙන ඇති බවට ලද තොරතුර මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.