FAST NEWS

24×7 Around the Globe

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට දුන් අවසරය යළි අත්හිටුවයි

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමට ලබාදී තිබූ අවසරය අධිකරණය මගින් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

මීට පෙර ජෙෆ්රි ඇලෝසියස්ට ලබන මස පළවැනිදා සිට 11 වැනිදා දක්වා කාලය තුළ සිංගප්පූරුව බලා යාමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබුණේ ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන්.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරන බැවින් ඒ සඳහා ඔහු පෙනී සිටිය යුතු බවයි.