FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනයට මුහුණ දීමට ලංගමයෙන් අතිරේක බස්

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) –  අද (20) පස්වරුවේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණදීම සඳහා අතිරේකව බස් රථ යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

මහජනතාවගේ අවශ්‍යතාව අනුව අතිරේකව බස් රථ 800 ක් යෙදවීමට මේ වනවිට සූදානමින් සිටින බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේය.

වැටුප් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට මීට පෙර තීරණය කර තිබූ අතර අද පස්වරුවේ සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කළේය.