(ෆාස්ට් නව්ස් | කොළඹ) – අනිද්දා (22) පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීම හා ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබෙයි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ තුල හා මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සදහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති.
මීට අමතරව කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සදහාද මෙම ජල කප්පාදුව බලාත්මක වේ.








