FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකරනවා – පාඨලී

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – වරාය නගර ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුද හෙක්ටයාර් 160ක් ගොඩකරන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (19) පැවසීය.

එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට මුහුද අක්කර 700 ක් ගොඩකර අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුහුද ගොඩකර ගොඩබිම ආරක්‍ෂා කර ගන්නා ආකාරය සම්බන්ධව දේශීය ඉංජිනේරුවන්ට විශේෂඥ දැනුමක් ලබා ගැනීමට වරාය නගර ව්‍යපෘතිය උපකාරී වූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව 2014දී මිලියන 2,500ක ආදායමක් ලැබුවද, මේ වනවිට එය රුපියල් මිලියන 8,000 දක්වා වැඩිවී තිබෙන බවත්, 2015දී මිලියන 155ක පාඩුවක් ලැබුවද, අද මිලියන 2,800ක ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.