FAST NEWS

24×7 Around the Globe

පැපොලට සමාන උණ රෝගයක් දරුවන් අතරේ

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – මේ දිනවල කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරීරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බවත් , වාතයෙන් සහ ශරීර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේය.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින්, වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙසත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.