(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දොස්තර මොහොමඩ් සාෆිට එරෙහිව මව්වරුන්ගේ පැමිණිලි වලට අදාළව කොළඹ කාසල් සහ සොයිසා රෝහල යන රෝහල්වලදී පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අදාළ පරීක්ෂණ සඳහා සියලු පහසුකම් ලබාදෙන්නැයි කුරුණෑගල අධිකරණයෙන් සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර ඇති බවත් පැවසේ.








