FAST NEWS

24×7 Around the Globe

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගත විමේ අවසරය ඉවත් කරන්නැයි නීතිපති ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පර්පචුවල් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට විදෙස් ගතවීමට ලබා දී ඇති අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

‍බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජෙෆ්රි ඇලෝසියස් මහතා ඇතුලු කිහිප දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරිමට සුදානමින් සිටින බැවින් ඔහුට විදෙස් ගතවීමට ලබා දී ඇති අවසරය ඉවත් කරන ලෙසයි අදාල මෝසම මගින් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාල මෝසම පිළිබද දෙපාර්ශවයට කරුණු දැක්වීමට හෙට (20) යලි මෙම නඩුව කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබන මස පළමු වන දා සිට 11 වනදා දක්වා විදෙස් ගතවීමට පසුගිය 13 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නේය.