FAST NEWS

24×7 Around the Globe

ජල නල එලීමක් හේතුවෙන් බ්ලූමැන්ඩල් හා මෝදර මාර්ග කිහිපයක ධාවනය සීමා කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජල නල එලීමක් හේතුවෙන් කොළඹ – බ්ලූමැන්ඩල් පාර, බෝධිය හන්දියේ සිට ශාන්ත ජේම්ස් හන්දිය දක්වා ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව ලබන 21 වැනිදා රාත්‍රී 10 සිට ලබන සදුදා අලූයම 05 දක්වාත්, ලබන 28 වනදා රාත්‍රි 10 සිට ලබන මස පළමුවනදා අලූයම 5 දක්වාත් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙයි.

එමෙන්ම, මෝදර – අලූත් මාවත එලිලේන් හන්දියේ සිට එලිහවුස් පටුමග හන්දිය දක්වා ලබන 21 වැනිදා රාත්‍රී 10 සිට ලබන 24 වනදා අලූයම 05 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවද සඳහන් වෙයි.