FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජපානයේ පැවැත්විමට නියමීත ජී – 20 සමුළුවට සහභාගි විම සහ නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමීතව තිබු සංචාර අවලංගු කර ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමීත බවට මීන් පෙර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබුණි.