අද (19) මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වෘත්තිය සමීති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමීතව තිබු වර්ජනය හෙට (20) පස්වරු 02 වන තෙක් තාවකාලිකව කල් දැමීමට කටයුතු කළ බව දුම්රිය වෘත්තීය සමීති පවසයි.
ඒ අනුව හෙට (20) දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්විමට නියමීත සාකච්ඡාවෙන් පසු වර්ජනය පිිළිබඳව තීරණය ගන්නා බව එම වෘත්තීය සමීති කියයි.
සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය ස්ථිරයි
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කිරිමට නියමීතව තිබු දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමීති කියයි.
බලධාරීන් සමඟ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගත් බව දුම්රිය වෘත්තිය සමිති වැඩි දුරටත් කියයි.
වැටුප් විශමතා ගැටළුවක් මුල් කර ගනිමීන් සිදු කෙරෙන මෙම වර්ජනයට දුම්රිය රියැදුරු ,නියාමක ඇතුලු වෘත්තීය සමීති කිහිපයක් මෙම වර්ජනය එක් විමට නියමීතය.








