FAST NEWS

24×7 Around the Globe

බ්ලූමැන්ඩල් වෙඩි තැබීම දෙමටගොඩ චමින්දගේ වැඩක්.

බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද විසින් මෙහෙයවා ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලිසිය එම කරුණු අනාවරණ කරගෙන ඇති බවයි.

‘දෙමඩගොඩ චමින්ද’ නමැත්තා බන්ධනාගාරයේ සිටිමින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය ජුලි 31 වන දා ශාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේදී එල්ල වූ එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙක් තුවාල ලැබීය.

සිද්ධියෙන් තොටළඟ කිඹුලාඇළ වත්තේ පදිංචිව සිටි සිත්ති ෆරීඩා සිත්ති නසීමා නමැති 45 හැවිරිදි තිදරු මව එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 36 හැවිරිදි බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් නමැත්තා වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය.