FAST NEWS

24×7 Around the Globe

හෘද සැත්කමකට ලක් කළ ගෝඨාට සති 06 විවේකයක් අවශ්‍ය බව අධිකරණයට දන්වයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිය සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා 2019-05-31 සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක් කල බැවින් ඔහුට සති 06 ක විවේකයක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇතැයි ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා අද (19) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් බව අප අධිකරණ වාර්තාකරු කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩුවක් අද (19) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදි විභාගයට ගත් අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා මෙසේ අදාළ දැනුම් දීම කර තිබේ.

එ මහතා මේ වන විට අධිකරණ අවසරය මත විදෙස්ගතව සිටියි. ඒ අනුව අදාළ කාළය තුළ විවේක ගැනිම සඳහා අධිකරණයේ අවසරය හිමීව ඇති බවත් පැවසේ.

ඒ අනුව අදාළ නඩුව ජුලි 26 වැනිදා විභාගයට ගැනිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.