(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙම මස 22 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම යෑමට නියමිත යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් මස 31 දක්වා සේවා දිගුවක් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදු කරන ලද මානුෂීය මෙහෙයුමේදී රණබිමේ විශාලම කාර්ය භාරයක් සිදු කළ යුද හමුදා නිලධාරියා ලෙස සැලකේ.
ඔහු කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද සේවය කළේය.








