(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15% කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කරමීන් දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද පැවසේ.
රජයේ අපේක්ෂිත ආදායම අඩුවී,ම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවද කියැවේ.








