FAST NEWS

24×7 Around the Globe

ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ රැකියා අවස්ථා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

මෙම ගිවිසුම වසර 10 ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට හිමිවීමට නියමිතයි.

ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 09 ක් සදහා ලබාදෙන අතර ඉන් 07 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයක්.

මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධීවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා උදාවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර සිටී.