FAST NEWS

24×7 Around the Globe

ගෝඨාගේ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් තොරව ඉවතට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත් කෙරීය.

අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත්තේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කළේය.