(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එම සැකකරුවන් අද (18) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.
පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගත් මෙම පිරිසට හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු මෙන්ම ගුරුවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වෙයි.
මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු ද ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.








