FAST NEWS

24×7 Around the Globe

කුරුඳුවලින් ශ්‍රී ලංකාවට වාර්තාගත විදේශ විනිමයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරේදී කුරුඳු අපනයනයෙන් ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පවසයි.

ලංකාවේ නිෂ්පාදිත කුරුඳු රසයෙන්, සුවඳින් හා ගුණයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා අතර වර්ෂ 2016 සිට කුරුඳු අපනයනය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළ බව ද 2018 වසර වන විට එය මෙට්‍රික් ටොන් 17,500 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල් හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

දශක ගණනාවක් තිස්සේ පැවති පසුගාමී වෙළෙඳපොල තත්ත්වයන් බිඳ හෙළමින් කුරුඳු නිෂ්පාදනයන් අපනයනය මගින් පසුගිය 2018 වර්ෂයේ දී රුපියල් මිලියන 35,000 ක විදේශ විනිමයක් උපයාගෙන තිබෙන බව ඒ මහතා පවසයි.

වර්තමානයේ දේශිය වෙළෙඳපොලේ කුරුඳු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 2,000ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනයෙන් වැඩිම ප්‍රමාණයක් මිල දී ගනු ලබන්නේ මෙක්සිකෝව බවත් එය 2018 වසරේ මුළු කුරුඳු අපනයනයෙන් 55 ක් බවත් පෙන්වා දෙයි.

පසුගිය වසරේ දී අපනයන කෘෂිකර්ම අංශයේ ආදායමෙන් 54 ක් මෙරටට ලැබී ඇත්තේ කුරුඳු අපනයනයෙන් විම ද විශේෂත්වයකි.

කුරුඳු මිල ලෝක වෙළෙඳපොලේ ස්ථාවරව පැවතීම හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළයාම, ශ්‍රී ලාංකේය කුරුඳුවල ඇති ඖෂධීය වටිනාකම් පිලිබඳ ලෝක ප්‍රජාවගේ ඇති කැමැත්ත ආදී සාධක මේ සඳහා බලපා තිබේ.