FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් ෆාරුක් තවදුරටත් රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව පැවසෙන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා තවදුරටත් එනම් ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ වාර්තා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (18) අධිකරණය හමුවේ දන්වා සිටියේය.

සැකකරු සන්තකයේ තිබී සොයාගන්නා ලද භාණ්ඩ කිහිපයක් පරික්ෂා කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර තිබුණද ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව දැනුම් දුන්නේය.

ඒ අනුව රස පරීක්ෂකවරයා වෙත මේ පිළිබඳව සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සින් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක්ද යොමු කිරමට නියම කෙරුණි.