(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමීති කිහිපයක් මම වර්ජනයට එක්විමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.








