(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 07 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණ අද (17) නියෝග කළේය.
1999 වසරේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.
චෝදනා එල්ල වූ නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 07 දෙනා අද (17) තඹුත්තේගම පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.








