(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බස්නාහිර – උතුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 155 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ මූලිකත්වයෙන් ඊයේ (14) පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා සිදුකළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම් සිදු කර ඇති බව පැවසේ.
එහිදී විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් 62 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද (15) අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.








