(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2009 දෙසැම්බර් 07 වැනි දා හික්කඩුව පොලිස් වසමේදී සිදු කළ ස්ත්‍රී දූෂණයකට වරදකරු වූ විත්තිකරුවෙකුට ගාල්ල පළාත්බද මහාධිකරණය අද (14) බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවමක් නියම කර තිබේ.
විත්තිකරුට රුපියල් 5000 ක දඩයක් නියම කළ අධිකරණය අදාළ කාන්තාවට රුපියල් 450,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියෝග කර ඇත.
වන්දි සහ දඩ මුදල් නොගවන්නේ නම් තවත් මාස 06 බැගින් වූ වසරක සිරදඬුවමක්ද විත්තිකරුට ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.








