FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් ධනුෂ්ක විකුම් කුමාර නැමති තරුණයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කර තිබේ.

සැකකරුද තම ජීවිතයට හානිකර ගැනීමට සූදානම්ව සිට ඇති බවත් ඔහුගේ ගමන් බෑගයේ තිබී පෙට්‍රල් බෝතලයක් හා ගිනි පෙට්ටියක්ද හමු වූ බවත් අධිකරණයේ දී කියවුණූ බව වාර්තාකරු පැවසීය.

බරපතල තුවාල ලැබූ තරුණිය රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.