FAST NEWS

24×7 Around the Globe

වැඩ බලන විපක්ෂ නායකත්වයත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීට.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් නොසිටින අවස්ථාවක එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩ බලන විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මේ බව අණාවරණය කර තිබේ.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුව තුළ නොමැති අවස්ථාවක සහ විදෙස් ගත වූ අවස්ථාවක ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, වැඩ බලන විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.