(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හට ජුලි 01 වනදා සිට 11 වැනිදා දක්වා සංගප්පූරුවට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබේ.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවීමට අවසර ලබා දෙන ලෙස මෝසමක් මඟින් නඩුව කැඳවමින් කළ ඉල්ලීම සලකා මහෙස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ බැඳුම්කර මත ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගතවීමට අවසර ලබා දුන්නාය.








