(ෆස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇති බව මත්තල ගුවන්තොටුපොළේ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බවත් එහි මගීන් 58 ක් සිටින බවත් සඳහන්.
කාලගුණය යහපත් වූ විගස යළි එම ගුවන් යානය කටුනායක බලා පියාසර කිරීමට නියමිත බවත් එම නිලධාරීවරයා ප්‍රකාශ කළේය.








