(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (14) දිනය තුළ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන්
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








