FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 18 යළි රැස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 18 වැනිදා යළි රැස්වීමට නියමිත බවත් එදිනට සාක්ෂි විමසීම සිදුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ඊයේ (14) දිනයේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්හ.