FAST NEWS

24×7 Around the Globe

කථානායක සහ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරුන් අතර හමුවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායකවරයා සමඟ වි‍ශේෂ හමුවක් සඳහා පාර්ලිමේන්තුව  වෙත පැමිණ තිබේ.

ත්‍රස්තවාදය  කෙටිකලක් තුළ මුළුමනින්ම පාහේ අකර්මන්‍ය කර ආරක්ෂාව තහවුරු කල ලෙසටම ශ්‍රී ලංකාව සියලුම අන්තවාදයන් පිටුදැක නොබෝ දිනකින්ම යළි සමඟි සම්පන්න ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටිනු ඇතැයි කථානායකවරයා එහිදී පවසා ඇත.

පාර්ලිමේන්තුව අදාල ආංශික කාරකසභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට  අවශ්‍ය  පෝෂණය ලබා දෙන අන්තවාදය  පිටුදැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්,  එක රටක් තුළ එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කථානායකවරයා තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කවර ජාති ආගම් ජීවත් උවද සියල්ලන්ටම  බලපාන පොදු නීතියක් ක්‍රීයාත්මක කිරීමේ අවශ්‍යතාවය තමන්ද අවිවාදයෙන් පිළිගන්නා බව මෙහිදී  ඉස්ලාම් රටවල තානාපතිවරු පවසා ඇති බව වාර්තා වෙයි.