(ෆාස්ට් නිව්ස්- කොළඹ) – පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකව පවතින බැවින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතින බැවින් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයක් ලිපියක් මගින් අවධාරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධ ව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය හා සහකාර අධ්යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මගින් දැනුවත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වේ.









