FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් කෙරෙති

 

(ෆාස්ට් නිව්ස්- කොළඹ) – මාවනැල්ලේ බුදු පිළිම වලට හානි සිදු කළ සිද්ධියේ සැකකරුවන් 15 දෙනෙකු ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය අද (13) නියම කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් අද මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද මෙහිදි නියෝග නිකුත් කරනු ලැබිය.