FAST NEWS

24×7 Around the Globe

ලෝක සාම දර්ශකයේදී ශ්‍රී ලංකාව පහළ බසී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් ලෝක සාම දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් පහළ ගොස් තිබේ.

2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163 ක් අතරින්.

2018 වසරේදී ශ්‍රී ලංකාය 67 වැනි ස්ථානයේ පසුවූ අතර එම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණියේය.

දකුණු ආසියාවේ සාමකාමීව රට ලෙස නේපාලය ඉදිරියෙන් පසුවන අතර ඔවුහු 15 වැනි ස්ථානයේ පසුවෙයි. ඉන් අනතුරුව පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

ලෝකයේ සාමකාමීම රට ලෙස මෙවරත් අයිස්ලන්තය ඉදිරියෙන් පසුවෙයි. ලෝකයේ සාමයෙන් තොරම රට ලෙස ඇෆ්ගනිස්ථානය 163 වැනි ස්ථානයේ පසුවෙයි.

2018 වසරේදී සිරියාව එම ස්ථානයේ පසුවූ අතර මෙවර ඔවුන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.