FAST NEWS

24×7 Around the Globe

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරිමේ චක්‍රලේඛය නිකුත් වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීම ගෙවීම් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන චක්‍රලේඛය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වෙත මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති බව මුල් අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය මඟින් යෝජනා කළ පරිදි අලුතෙන් ලියාපදිංචි වූ පුද්ගලයන් 40,000 ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000 ටම ජූලි මස පළමු වැනිදා සිට මෙම වැඩිකළ රු. 5,000 දීමනාව ගෙවනු ලැබේ.

2019 අයවැය යෝජනාව අනුව ක්‍රියාත්මක මෙම දීමනාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 4350ක් වෙන් කර ඇති පන මුදල් අමාත්‍යාංශය කියයි.